ලංකාවේ ත්‍රිපෝෂ හදන්න ලෝක ආහාර සංවිධානයෙන් බඩ ඉරිඟු
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 5000ක් ලෝක ආහාර සංවිධානයෙන් ලබා ගැනීමට රජය ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ උපදෙස් මත විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම යොමු කර ඇත. එම බඩ ඉරිඟු ඉදිරි කාලයේ දී ලැබෙනු ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හිඟය සහ පවතින මිලගණන් පිළිබඳව ඇමැති මණ්ඩලයද දැනුවත් කර තිබේ.
බඩ ඉරිඟු කිලෝ ග්‍රෑමයක පාලන මිල රුපියල් 55ක් කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 75ක් වැනි මුදලකටය.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩඉරිඟු මෙට්‍ර්රික් ටොන් 18000ක් වාර්ෂිකව අවශ්ය වෙයි.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන තුනක් වැය කරන අතර ඉන් බිලියනයක මුදලක් බඩ ඉරිඟු මිලදී ගැනීම සඳහා වැය කරයි.
2019 මහ කන්නයේ හෙක්ටයාර 78000ක බඩඉරිඟු වගා කර මෙට්‍ර්රික් ටොන් 3,30,000ක අස්වැන්නක් ලබා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
උදයජීව ඒකනායක
