News

ලංකාවේ පවුල් 45%ක් මූල්‍යාධාර අපේක්ෂා වෙන්

කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇති බවත්, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති හා සමාජ විද්‍යාපීඨය ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 45%ක්ම ණය ආපසු ගෙවීම, උකස් කරන ලද රන්භාණ්ඩ බේරා ගැනීම, හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත් ගෙවීම් වෙනුවෙන් මූල්‍යාධාර අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇත.

මේ අතර මහ බැංකුව විසින් නැවත වතාවක් දීර්ඝ කරන ලද ණය අත්හිටුවීමේ පහසුකම වානිජ බැංකු විසින් නිසි ආකාරයෙන් ගනුදෙනුකරුවන් වෙත ලබානොදුණහොත් ණය ගැනුම්කරුවන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් බැංකු සහ ගැනුදෙනුකරුවන් යන පාර්ශ්ව දෙකම ඉදිරි මාස 03ක කාලය ඇතුළත දැඩි අර්බුදයකට පත්වනු ඇතැයිද මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට සඳහන් කළේය.

එසේම සාමාන්‍ය ජනතාව බැංකු සහ මූල්‍ය ආයතනවල සිදුකර ඇති ස්වර්ණාභරණ උකස් කිරීම් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නයන තරංග ගමගේ