ලංකාවේ භූමදාන සටන ඇමරිකාවටත් යයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජනයාගේ මෘත දේහ භූමදානයට ඉඩ ඉල්ලා සිදු කරන අරගලය මේ වන විට ශ්‍රී ලංකාවෙන් එළියටත් ව්‍යාප්ත වෙලා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේහ ආදාහනය කිරීමට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණයක් කරන්න වන සූදානමක් ගැන මේ වාහනේ පිටුපස ඇති බැනර් එකේ සඳහාන් වෙනවා.
මේ ඡායාරූපය අද(25) උදෑසන ලබාගෙන අප වෙත එව්වේ ඇමරිකාවේ නිව්යෝර්ක් හී වාසය කරන අරුණ පාඨක හිතවතෙක්.
මේ වෙනකොට ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ඩයස්පෝරාව වගේම මුස්ලිම් ඩයස්පෝරාවත් විදේශයන්හී තම සටන් ආරම්භ කර ඇති බවට මේ ඡායාරූපය කදිම සාක්ෂියක්.

