News

ලංගම මගීන්ට කොවිඩ් රක්ෂණාවරණයක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අය කරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කරනු ලබයි.

ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් යම් හෙයකින් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කළේය.