ලබන සතියේ පාසල් වලට නිවාඩු
මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ අගෝස්තු මස 4, 5, 6 සහ 7 යන දිනවල පාසල් වසා තබන බවයි.
දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය 27වන දින යළි ආරම්භ වූ බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට මෙම නිවාඩු අදාළ වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
