News

ලිඳුල එකම පවුලේ 11ක් ආසාදිතයි

 

තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ ආසාදිත කොවිඩ් රෝගීන් 15ක් හඳුනා ගෙන ඇති අතර ඊයේ (21) දිනයේ එම පිරිස හඳුනා ගෙන ඇත.

හඳුනාගත් ආසාදිතයන් ගෙන් 11 දෙනෙකු එකම පවුලේ බව වාර්තාවනවා. එසේම මොවුන් පිරිසට වෛරසය ශරීර ගතව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි පූසාරි කෙනෙකුගෙන් බව හඳුනාගෙන තිබේ.

හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් පිරිස ගෙන් පිරිමි පුද්ගලයින් හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබෙන අතර කන්තාවන් කඹුරුපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.