ලොරි රථයක් ත්රිරෝද රථයක ගැටෙයි – තිදෙනෙක් මරුට
රත්නපුර – අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ ත්රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක ඊට පිටුපසින් පැමිණි රථයක් ගැටීමෙන් මෙම අනතුරව සිදුව තිබේ.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අවිස්සාවේලල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 48, 53 සහ 57 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු වේ.
අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරු අවිස්සාවේල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
