ලොව ධනවත්ම පුද්ගලයා මෙන්න
ලොව ධනවත්ම පුද්ගලයා බවට “ඉලෝන් මස්ක් (Elon Musk)” පත්වී තිබේ.
ඔහුගේ සමස්ත ධනය අමෙරිකානු ඩොලර් බිලියන 185 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව ප්‍රකට “ටෙස්ලා සහ ස්පේස් X” සමාගම් වල හිමිකරු වන මස්ක් ගේ ධනවත්බව සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත්තේ ටෙස්ලා සමාගමේ කොටස් වල වටිනාකම ඉහළ යෑම හේතුවෙනි.
මස්ක් ගේ ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ වටිනාකම මේ වසරේ වේගයෙන් වර්ධනය වී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 700ක් ලෙස පසුගිය බදාදා දැක්විණි.
ඒ අනුව එහි වටිනාකම ටොයෝටා, වොක්ස්වැගන්, හුන්ඩායි, ජීඑම් සහ ෆෝර්ඩ් සමාගම් වල වටිනාකමේ එකතුව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2017 සිට මේ දක්වා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණේ ඇමසෝන් සමාගමේ ආරම්භකයා වූ ජෙෆ් බෙසොස් ය.
