ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂ 8 ඉක්මවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා තිබේ.
මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,034,461ක්.
රටවල් 188ක් පුරා ව්‍යාප්ත වී ඇති මෙම වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 436,899ක්.
වැඩිම ආසාදිතයින් සහ වැඩිම මරණ සංඛ්‍යාව තවදුරටත් ඇමෙරිකාවෙන් වාර්තා වේ.
ආසාදිතයින් 2,114,026ක් සහ මරණ 116,127ක් ඇමෙරිකාවෙන් වාර්තා වන බව එරට මාධ්‍ය සදහන් කරයි.
ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 888,271ක්.
රුසියාවෙන් ආසාදිතයින් 536,484ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 343,091ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 298,315ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 244,109ක් , ඉතාලියෙන් ආසාදිතයින් 237,290ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 232,992ක් වාර්තා වේ.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 43,959ක්.
ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් මරණ 41,821ක්, ඉතාලියෙන් මරණ 34,371ක්, ප්‍රංශයෙන් මරණ 29,439ක් සහ මෙක්සිකෝවෙන් 17,580ක් වාර්තා වේ.
