ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 3 ඉක්මවයි
ලොව පුරා කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි තුන ඉක්මවා තිබේ.
මේ වන විට ලොව පුරා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 945,051කි.
පුද්ගලයින් 21,797,918 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.
ඊයේ දිනයේ ලොව වැඩිම කොවි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 97,859 කි.
ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5,115,893ක් වන අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 83,230කි.
වැඩිම මරණ සංඛ්‍යාවක් සහ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
