වගාකරන්න උපදෙස් දෙන“ගොවි නැණ” මොබයිල් ඇප්
රජය විසින් අරඹන ලද ගෙවතු වගා වැඩපිළිවෙලත් සමග බොහෝ දෙනෙකු කුඩා ඉඩක පවා එළවළු වාග කර ඇති අයුරු දැකගත හැකිය.
එහෙත්,එළවළු බීජ හෝ පැළය වගා කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනකු නොදන්නා කාරණයකි.එළවළු වගාව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබදව ජනතාව දැනුවත් කිරීමට රුහුණු විශ්ව විද්‍යාලයයෙන් ජංගම දුරකථන යෙදවුමක් සකසා තිබේ.
රජය විසින් අරඹා තිබෙන සෞභාග්‍යා ගෙවතු වගා වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයයේ පරිගණක විද්‍යා අංශය විසින් එහි කෘෂිකර්ම පීඨයේ සහයෝගයද ඇතිව “ගොවි නැණ” නමින් ජංගම දුරකථන සඳහා යෙදුමක් (Mobile App) නිර්මාණය කර ඇත.
රුහුණු විශ්වවිද්‍යාලයයේ පරිගණක විද්‍යා අංශයේ ආචාර්ය ඩබ්ලිව්.ඒ.ඉන්දිකා ඇතුළු කණ්ඩායමක් විසින් ජංගම දුරකථන සඳහා මෙම යෙදුම නිර්මාණය කර තිබේ.
සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන යටතේ ගොවීන්ට සපයන ලද වට්ටක්කා,වම්බටු,කරවිල,වැටකොළු,පතෝල,තක්කාලි,මෑ,දඹල,නිවිති ආදී බීජ වර්ග සහ පැළ වර්ග වගා කරන ආකාරය,පොහොර යොදන ආකාරය ඇතුළු කාරණා රැසක් පිළිබඳව මෙම ජංගම දුරකථන යෙදුම හරහා තොරතුරු නොමිලේ ලබාගත හැකිය.
මෙම යෙදුම ජංගම දුරකථනයේ භාගත කිරීමෙන් පසු එහි ලියාපදිංචිවීමෙන් පසු අදාළ තොරතුරු ලබාගත හැකිය.
