වන සංරක්ෂණ පැමිණිලි වලට ඇමතුම් අංකයක්
වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා 1992 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි දෑ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.
