වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වු 180ක් නිවෙස් වෙත
වවුනියාව පූවරසන්කුලම,පිහිටි වන්නි ගුවන් හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය ලද පුද්ගලයින් 180 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට සිය නිවෙස්වෙතට ගමන් කිරීම අද(15) සිදුකෙරිණ.
වන්නි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු ඉන්ද්‍රජිත් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායනසහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙත පිටත්කෙරිණ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මෙහෙයවීම යටතේ වන්නි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සිදුකෙරිණ.
වාරියපොළ,පාදෙණිය,අලව්ව,අනුරාධපුරය ආදි ප්‍රදේශවල පදිංචි පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය නිමකොට නැවත නිවෙස් වෙත ගමන් කිරීම එහිදි සිදුකෙරිණ.
කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිළධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් එලෙස නිරෝධායන කඳවුරු තුළින් නිරෝධායනය අවසන් කොට නිවෙස් වෙත පිටත්ව ගියහ.
මාධව කුලසූරිය
