News

වනාතමුල්ලේ සිට හුදකලාව මඟ හැර හොරෙන් බසයේ ගිය අයෙක් මාට්ටු

බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ සිට අධිවේගී මාර්ගයේ බස්රථයක ගමන් කළ පුද්ගලයෙකු නැවත නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.

එම පුද්ගලයා ගමන් ගත් බස්රථයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

එම පුද්ගලයාගෙන් තොරතුරු විමසීමේ දී බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ සිට ව්‍යාජ ලෙස එම ප්‍රදේශයෙන් බැහැරව ගොස් බස්රථයට ගොඩ වී ඇති බව අනාවරනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මගීන් 51 දෙනා සමග බස්රථය බොරැල්ල පොලීසිය වෙත රැගෙන විත් ඇති අතර, ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ අද (19) දිනයේ සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බස්රථයේ රියදුරු, සහයක හා අයිතිකරුට හා වනාතමුල්ල ප්‍රදේශයෙන් අනවසරයෙන් බැහැරව ගිය පුද්ගලයාට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.