වරාය නගරයේ ආර්ථික දායකත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක් නමින් විශේෂ සාකච්ඡාවක් හෙට (04වැනිදා) පැවැත්වීමට ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය කටයුතු යොදා ඇත.
මීට අමතරව, කොළඹ වරාය නගරයට ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා බලපෑම් කිරීමට ඇති හැකියාව මැයෙන් අන්තර්ජාලය ඔස්සේ සම්මන්ත්‍රණයක් එදින පෙරවරු 11.00ට පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා වෘත්තීයවේදීන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ නායකයන් සහභාගි වීමට නියමිතය.
මේ සඳහා සම්බන්ධ වීමට කැමැති අය 0779290058 යන දුරකථන අංකයට හෝ viraine.senadheera@pwc.com ඊමේල් ලිපිනයට දැන්වීමෙන් නොමිලේ ලියාපදිංචි විය හැකිය.
