වවුනියාවේ බස් රථ අනතුරකින් 15කට බරපතලයි
ඒ 9 මාර්ගයේ ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.
එම තුවාලකරුවන්ගෙන් 15දෙනෙකුගේ තත්ත්වය තරමක බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුවී ඇති බවට පොලීසිය සැකපලකරයි.
