News

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

 

ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී අමෙරිකානු නෝට්ටු 372ක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත්සැක කරුවන් බණ්ඩාරවෙල සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.

වැඩිදුර පරීක්ෂණ කන්තලේ පොලිසිය විසින් සිදුකිරීමට නියමිත අතර සැක කරුවන් අද (24) කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.