News

ව්‍යාජ නිදන් භාණ්ඩ මිලදීගත් පුද්ගලයා හිතේ අමාරුවෙන් මරුට

රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් ගෙවා නිධානයක් ලබාගත්තා යයි කියන පුද්ගලයකු එය ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසු ඇති වූ පසු කම්පන තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඔහුගේ මව මේ බව සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කර ඇති බව ඇල්පිටිය පොලිසිය සඳහන් කරනවා.

මව කරනු ලැබූ පැමිණිල්ලට අනුව ව්‍යාජ ලෙස සැකසු මැණික්ගල්,සෙම්බුවක් සහ බුදුපිළිමයක් මුදලට රැගෙන එය ළඟ තබාගෙන සිටි අයෙකු අද (25) පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේද එම භාණ්ඩ මිලදී ගැනීමට මුදල් යෙදවූ පුද්ගලයන් තිදෙනා ගෙන් එක් අයෙකු බව පොලීසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට පත් සැකකරු අද (25) පස්වරුවේ ඇල්පිටිය අධිකරණවෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.