News

ව්‍යාජ නෝට්ටු සන්තකයේ තිබූ නාකොටික් කොස්තාපල් රිමාන්ඩ්

 

මේ වන විට අත්අඩංගුවේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල් ලක්ෂාන් සමීර වන්නිආරච්චි යන අය ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

මොහු රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 31ක් සන්තකයේ තබා ගැනීම පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව කටයුතු කිරීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාල නෝට්ටු පරික්ෂාකර වාර්තාවක් ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.