ව්‍යාජ බාස්මතී සහල් වෙළඳපොළේ
බාස්මතී සහල් බවට ප්‍රකාශ කර, විදේශ රටවල සිට මෙරටට ගෙන්වා වෙනත් සහල් වර්ග අලෙවි කරන බව අනාවරණ වී තිබෙන බවට පාරිභෝගික අධිකාරියට ලද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්ථා වෙයි.
පාරිභෝගික අධිකාරියට ලද පැමිණිලි කිහිපයක් අනුව ලබා ගත් සහල් පිළිබඳ සිදුකළ රසායනාගාර පරීක්ෂණයේදී එම සහල් බාස්මතී නොවන බව තහවුරු වී ඇත.
එම රසායනාගාර වාර්තා මත පදනම්ව අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.
තොග වශයෙන් සහල් ආනයනය කර අලෙවි කරන මෙවැනි පුද්ගලයන් හෝ ආයතනවලින් සහල් මිලදී ගන්නා වෙළදසැල් හිමිකරුවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පෙන්වා දෙයි.
