වාර්ෂික ගුරු මාරුවලට දුරකථන යෙදවුමක්
වාර්ෂික ගුරු මාරු ඉල්ලුම් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සඳහා ගුරුවරුන්ගේ තොරතුරු සියල්ල මේ වන විටත් ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (14 වැනිදා) පැවැසීය.
මෙම යෙදවුම ඉක්මනින් හඳුන්වා දෙන බවත්, ඉන්පසු ගුරු මාරු ඉල්ලුම් කිරීම වෙනුවෙන් අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමේ අවශ්‍යතාවක් ගුරුවරුන්ට ඇති නොවන බවත් හෙතෙම කීවේය.
දැනට ක්‍රියාත්මක ක්‍රමය යටතේ ගුරුවරුන්ට ස්ථාන මාරු හිමි වන්නේ වසර මැදදී වන නමුත්, නව යෙදවුම් හඳුන්වා දීමෙන් පසු වසර මුලදී ගුරු ස්ථාන මාරු ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවැසීය.
නිලන්ත මදුරාවල
