වාහන දඩ ගෙවීමේ කාලය දික් කරන්න තැපෑල මුදල් අමාත්‍යංශ අනුමැතිය ඉල්ලයි
පොලිසිය විසින් නිකුත් කරන ලද රථවාහන දඩ මුදල් ගෙවීමේ කාලසීමාව මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තිබේ.
මැයි මස 30 වැනිදායින් අවසන් වූ එම කාලය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අදාළව පොලිස් දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එහෙත් එම දඩ මුදල් භාරගැනීම තැපැල් කාර්යාල ප්‍රතික්ෂේප කරන බව රියැදුරෝ පවසති. ඊට අදාළව තැපැල් දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිතුත් නොකිරීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.
මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලද වහාම එම චක්‍රලේඛය නිකුත් කරන බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් තැපැල්පති රංජිත් ආරියරත්න පැවැසීය.
නිලන්ත මදුරාවල
