වැඩබිමේදී මියයන කම්කරුවකු වෙනුවෙන් ලක්ෂ 20 ක වන්දියක්
වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවකදී හදිසියේ මියයන කම්කරුවකු සඳහා ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 20 ක් දක්වා ඉහළ දැමීමට කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා තීරණය කර ඇත.
දැනට ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් බවත්, එය කිසිසේත්ම ප්රමාණවත් නොවන බවත්, ඇමැතිවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේදී පැවසීය.
මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු මාස දෙකක් තුළ අවසන් කිරීමටද ඇමැතිවරයා එහිදී උපදෙස් දී තිබේ. එමෙන්ම පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්රමයක් හඳුන්වා දිය යුතු බවට යෝජනාවක්ද ඇමැතිවරයා සිදුකර ඇත.
අජිත් අලහකෝන්
