News

වැඩි ගාස්තුවක් විදුලි බිලට එකතු වීම අත්වැරදීමක්

ඇතැම් විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම තත්ත්වය වහාම නිවැරැදි කර  නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති බවට මහින්ද අමරවීර අමාත්‍යවරයාට තොරතුරු ලැබී තිබුණි.

එහිදී සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අතපසුවිමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

ඒ අනුව එය වහාම සකස් කර නිවැරැදි විදුලි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.