News

වැඩිම ආසාදිතයන් ගණන කොළඹින් හමුවෙයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් හමුවී ඇති අතර එය සංඛ්‍යාත්මකව 444ක් බව වාර්තා වනවා. ඊයේ(13) දිනයේ හඳුනා ගත් එම කොළඹ දිස්ත්‍රික්කයේ ආසදිතයන්ද ඇතුළුව මුළු දිවයිනෙන්ම ඊයේ දින ආසාදිතයන් 655ක් හඳුනාගෙන ඇත.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 75ක් ,අම්පාර දිස්ත්‍රික්කයෙන් 41ක් ,ලෙසත් ඊයේ ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

මේ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයන් ගෙන් 05දෙනෙකු විදේශගතව සිට පැමිණි ලාංකිකයන් වේ. ඉන් 4ක් එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා අබුඩාබිහි සිට පැමිණි අයෙකු වනවා.

මේ වන විට වාර්තා අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්තය 32,789 බවට පත්ව ඇති අතර 23,792දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව පැවසෙනවා. රෝහල් ගතව 8,845ක් සිටින බවද වර්තාවී ඇත.

මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 152ක් බවට පත්ව තිබේ.

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් හමුවූ ප්‍රදේශ
කොළඹ – 444
ගම්පහ – 75
අම්පාර – 41
කුරුණෑගල – 22
කළුතර – 19
රත්නපුර – 05
අනුරාධපුර – 04
මාතලේ – 04
පුත්තලම – 03
මාතර – 02
මහනුවර – 01
මඩකලපුව – 01
ත්‍රීකුණාමලය – 01
මොනරාගල – 01
ප්‍රදේශය තහවුරු නොවූ -27