News

වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් ගම්පහින්

 

 

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 588 දෙනෙකු ඊයේ (12) දිනයේ හඳුනාගෙන ඇත.

එසේම ඊයේ (12) හඳුනාගත් ආසාදිතයන් ගෙන් වැඩිම ආසාදිතයන් ගණන හඳුනා ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයන් වන අතර එය සංඛ්‍යාත්මකව 158ක් වනවා.

තවද කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක්,මහනුවර 43ක්, කළුතර 41 වශයෙන් ඊයේ ආසාදිතයන් හඳුනා ගෙන ඇත.

එසේම ඊයේ (12) දිනයේ හඳුනාගත් ආසාදිතයන් අතර විදෙස්ගතව පැමිණි ලාංකිකයන් 4දෙනෙකු ද ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 49,539ක් වන අතර ඉන් 42,620 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. කෙසේ නමුත් දැනට රෝගීන් 6,675 දෙනෙකු කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබනවා.

සමස්ත ආසාදිත මරණ ගණන 244ක් බවට පත්ව ඇත.

ඊයේ (12) දිනයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ,

ගම්පහ – 158
කොළඹ – 147
මහනුවර – 43
කළුතර – 41
පොළොන්නරුව – 33
අම්පාර – 32
කුරුණෑගල – 12
ගාල්ල – 11
කෑගල්ල – 11
ත්‍රීකුණාමලය – 10
මඩකලපුව – 09
රත්නපුර – 07
වව්නියාව – 06
පුත්තලම – 06
නුවරඑළිය – 05
අනුරාධපුරය – 04
මාතර – 03
මාතලේ – 02
මොනරාගල – 02
හම්බන්තොට – 02
බදුල්ල – 01

ප්‍රදේශය නිශ්චිතව තහවුරු නොකළ – 39