News

වැල්ලවායේ අනතුරකින් තිදෙනකු මරුට

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම යුද හමුදා කදවුර ආසන්නයේ දී මීට  සුලු මොහොතකට පෙර සිදු වූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.

තිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති
අතර අනතුරින් මියගොස් ඇත්තේ තිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනෙකුගේන් තිදෙනකු
බව වැල්ලවාය පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදුහැත්තෑ දෙකක් වන යූ.පී මාලනීද සිල්වා,අවුරුදු හතලිස් එකක් වන රුවන් ප්‍රියදර්ශන සහ අවුරුදු තිස් හතක් වන ප්‍රියන්ත ලාල්ද සිල්වා නැමැති අය බව පොලිසිය පැවසීය.

අනතුරින් තුවල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර ඒ වන  විටත් ඉන් තිදෙනකු මියගොස් සිටි බවත් තවත් අයෙක් මොනරාගල මහ රෝහලට මාරු කර යැවූ බවත් වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතා පැවසීය.

ලොරි රථයේ රියදුරුගේ අපරෙක්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන අතර එම රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මල සිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන්
විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

ජයන්ත වීරසේකර
වැල්ලවාය