වැලි කැණීම් බලපත්‍ර සම්බන්ධයෙන් වෙනසක්
පොල් ඉඩම් වල වැලි කැනීම් සඳහා නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ඒ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.
ඒ බව සහ ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.
පොල් ඉඩම් වල වැලි කැනීම් සිදුකිරීම නිසා බරපතළ පාරිසරික හානියක් මෙන්ම පොල් ඵලදාව අඩුවීමක් ද සිදුවන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇත. එසේම වයඹ පළාත තුළ මෙම කටයුතු ඉතා බරපතළ ලෙස සිදුවන බව එහිදී හඳුනා ගෙන ඇත.
පොල් මිල ඉහළයෑමට මෙන්ම වාර්ෂික පොල් අස්වැන්න අඩුවීමට මෙම තත්ත්වය ප්‍රබල හේතුවක් වී ඇති බව උපදේශක කාරක සභාවේදී සඳහන් කර තිබේ.
