වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට බන්ධනාගාර මුලස්ථානය තීරණය කර ඇත.
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට දිගින් දිගමට මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය විසිකිරීම් සිදුවන බවට නිරීක්ෂණය වි ඇති බවය.
ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ඒ සඳහා යුද හමුදාවේ සහය ලබාදීමට නියමිතය.
