News

වැලිපැන්නේ පොලිස් OICට කොවිඩ්

වැලිපැන්න පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පීසීආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඊයේ (27දා) ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ස්ථානාධිපතිවරයාගේ ප්‍රථම ආශ්‍රිතයින් පිළිබඳ මේ වන විට සොයා බැලීම් සිදුකරමින් සිටින බවද වාර්තා වේ.