News

වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ වැඩිම අවදානම මහසෙන් කඳවුරට

වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ කොවිච් -19 වෛරසය වැඩිපුරම පැතිරුණු මහසෙන් කඳවුර අවදානම් කලාපයක් (රෙඩ් සෝන්) ලෙස හඳුනාගෙන ඊට වැඩි අවධානයක් යොමුකර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවසීය.

වැලිසර කඳවුරු සංකීර්ණයේ මහසෙන්, ගැමුණු, ලංකා, තක්ෂිලා යන නාවික කඳවුරු හතරෙන් වැඩිපුරම ආසාදිතයන් වාර්තා වූයේ මහසෙන් කඳවුරෙනි. මේ වනවිට වැලිසර කඳවුරු පරිශ්‍රය අධීක්ෂණය කිරීම සඳහා කොමදෝරු ප්‍රසන්න හේවගේ පත්කර ඇත.

ඊයේ (03 වැනිදා) වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 706 දෙනා අතරට නාවික හමුදාවේ 265 දෙනකු ඇතුළත් විය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා