News

වැලිසර පොකුරේ නාවිකයන් 901 කට සුවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය.

ඒ අනුව මෙ වනවිට වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින්නේ තවත් නාවිකයින් 5 දෙනෙකු පමණි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වේ.