News

වැලිසර ළය රෝහලේ සිටි කොවිඩ් රෝගියෙකු පලායයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි කොවිඩ්-19 ආසාදිතයෙකු රෝහලෙන් පලා ගොස් තිබේ.

රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළාගොස් ඇති බවයි.

මරදාන ප්‍රදේශයේ පදිංචි මෙම ආසාදිතයා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත්ව තිබෙන්නේ ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව එම රෝහල සදහන් කරයි.

මෙම පුද්ගලයා පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු හදුනාගෙන තිබේ.

ඔහු සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.