වෑන් රථයක් ප්රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
එම අනතුරින් තවත් 04 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෑන් රථයේ රියදුරු අතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබු 5 දෙනෙකු සිරිගල, බදුල්ල, වැල්වාය හා දෙමෝදර රෝහල්වලට ඇතුලත් කර ඇත.
එහිදී, දෙමෝදර රෝහලට ඇතුලත් කළ දෙදෙනා මිය ගොස් තිබේ.
වෑන් රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයෙකු එහි සිර වී සිටින අතර ඔහුව මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
