News

විදුලි බිඳවැටීම ගැන සෙවීමේ කමිටුව රැස්වෙයි

විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙර වරුවේ රැස් වේ.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ(17) පත් කෙරුණි.

විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදු වූ අතර මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුම අඩාල වී තිබු අතර මහා මාර්ගවල අලෝක සංඥා ක්‍රියාත්මක නොවීමෙන් රථ වාහන තදබදයක් හටගෙන තිබුණි.