News

විදුලිබල රාජ්‍ය ඇමති ධූරයේ වැඩ අරඹයි

නව රජයේ විදුලිබල රාජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් අද (18) ආරම්භ කළේය.

ඒ කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශයේදීය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු ද අමාත්‍යංශයේ නිලධාරීන් පිසක් ද මේ අවස්ථාව එක්ව සිටියහ.