විදෙස් රටවල සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට පියවර
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයින් 825දෙනෙකු පමණ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
ඒ අනුව හෙට (11) දින පිලිපීනයේ සිටද, ලබන 13 වැනි දින මාලදිවයිනේ සිට ද, ලබන 15 වැනි දින පකිස්තානයේ සිට ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 03ක් මඟින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතයි.
ඊට අමතරව ඉන්දියාව වෙත යෑමට නොහැකිව මෙරට තුළ රැදී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් ලබන 15 වැනිදා බැංගලූර් නුවර වෙතත්, 22 වන දින නවදිල්ලි නුවර වෙතත්, ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් මගින් රැගෙන යාමට නියමිතව තිබේ.
