News

විදෙස් රටවල් දෙකක රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි ඊශ්‍රායලයේ සහ නේපාලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 229දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපල අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඊශ්‍රාලයේ සිට ලාංකිකයින් 203දෙනෙකු ඊයේ (03) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි.

එමෙන්ම ඊයේ (03) පස්වරුවේ නේපාලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 26දෙනෙකු කත්මණ්ඩු නුවර සිට දිවයිනට පැමිණ තිබේ.

එලෙස පැමිණි සියලුමදෙනා කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.