විදෙස් රැකියා සඳහා ගිය ලාංකිකයින් 197ක් දිවයිනට
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 197දෙනෙකු අද (11) දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ අද අළුයම මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
ඒ අනුව ඩුබායි හි සිට 107දෙනකු, මෙල්බර්න් හි සිට 78දෙනෙකු සහ නරීටා සිට 12දෙනෙකු ද මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
එම සියලුම මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව නිිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.
