News

විදෙස්ගත 700කට අධික පිරිසක් දිවයිනට

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ජපානය,ඔස්ට්‍රේලියාව, ඩුබායි සහ චෙන්නායි සිට එම පිරිස මෙරටට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔස්ට්‍රේලියාවේ සිට මගින් 288ක්, ඩුබායි සිට පුද්ගලයින් 420ක්, ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ලගයින් 6 දෙනෙක් හා ජපානයේ සිට පුද්ගලයින් 10 දෙනෙක් මෙරටට පැමිණ ඇත.

ගුවන් මගීන් සියලු දෙනාම ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකර තිබේ.