විදෙස්ගත ලාංකිකයන් 100ක් දිවයිනට
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (14) දින නැවත මෙරටට පැමිණ තිබේ.
සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු, සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
පැමිණි මගීන් සියලුදෙනා කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සඳහා යොමුකර තිබේ.
එමෙන්ම මෙම පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලාංකිකයින් 221 දෙනෙක් රැකියා, ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වී තිබුණි.
