News

විදෙස්ගත ලාංකිකයන් 192ක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉතාලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ(04) දිවයිනට පැමිණ තිබේ.

ලාංකිකයින් 192 දෙනෙකු මිලාන් නගරයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපළ වෙත පැමිණි පසු පී. සී. ආර් පරීක්ෂණවලට යොමු කර ඉන් පසුව නිරෝධායනය සඳහා යොමුකර තිබේ.