News

විදෙස්ගත ලාංකිකයන් 211ක් දිවයිනට

හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 211ක් මෙරටට පැමිණ තිබේ

හොංකොං සිට ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු ඊයේ (26) රාත්‍රී 9.30 ට සහ අද (27) අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර තවත් ගුවන් යානයක් අද අලුයම 2.36 ට කුවේට් සිට පැමිණ ඇති අතර, එහි ශ්‍රී ලාංකිකයන් 157 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

මොවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.