විදෙස්ගත ලාංකිකයන් 296ක් දිවයිනට
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 296දෙනෙකු යළිත් දිවයිනට පැමිණ තිබේ.
දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු අද(25) අලුයම කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු දෝහා කටාර් සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.
ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධානය සඳහා යොමු කර තිබේ.
