News

විදෙස්ගත ලාංකිකයන් 306ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු අද (22) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ රැදී සිටි පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා හරහා මෙම කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය අද දින අලුයම 1.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ව්‍යාපාරික පංතියෙහි ගුවන් මගීන් 16 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියෙහි ගුවන් මගීන් 274 දෙනෙකු සහ තවත් කුඩා දරුවන් 02 දෙනෙකු පැමිණ ඇත.

එම ගුවන් යානයේ ලාංකිකයන්ට අමතරව , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු ජාතිකයන් නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානය ද අද දින අලුයම 3.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් සියලු දෙනාම පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබේ .