News

විදෙස්ගත ලාංකිකයන් 382ක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (14දා) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු අද (14දා) අලුයම පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලාංකික සහ විදේශීය නාවිකයන් 26 දෙනෙකු එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිටශ්‍රී ලාංකික සහ විදේශීය නාවිකයන් 64 දෙනෙකු කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.