News

විදෙස්ගත ලාංකිකයින් 248ක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248දෙනෙකු අද (26) උදෑසන 8.30 න් අවසන් වු පැය 24 තුළ දිවයිනට පැමිණ තිබේ.

මොවුන් ගුවන් යානා 09කින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ සිට සහ ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයින් 50 දෙනෙකු ද ඊට ඇතුලත් වේ.

එම කාලය තුළ මෙරට සිට ගුවන් යානා 08කින් ලාංකිකයන් 343 දෙනෙකු විදේශ ගත වී ඇති අතර, ජපානය වෙත ලාංකිකයන් 130 දෙනෙකු එලෙස පිටත්ව ගොස් තිබේ.