News

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ‍ශ්‍රී ලාංකිකයින් 299 දෙනෙකු අද (13) අලුයම ගුවන් යානා 02 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ දෝහා සිට අද අලුයම 1.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි ගුවන් මගීන් 15 දෙනෙක් පැමිණ ඇති අතර ඉන් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වූහ.

ඉතිරි 05 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අද අලුයම 5.30 ටපැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස අතරින් 06 දෙනෙකු කුඩා දරුවන් විය.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළවල දී පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.