විදෙස්ගත ශ්‍රම බලකාය පිළිබඳ අංග සම්පූණ දත්ත ගබඩාවක්
මේ වන විට විදෙස්ගතව විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පවසයි.
ඒ තුළින් එම ශ්‍රමිකයන්ට හෝ එම පවුල් වලට අවශ්‍ය කිසියම් සහනයක් හෝ මැදිහත්වීමක් ක්ෂණිකව ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, අද දින (17) නාරාහෙන්පිට සිය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කරමින් පැවති මාධ්‍ය හමුවේදී ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙරට ආර්ථීකය පෝෂණය කරන ප්‍රධාන අමාත්‍යාංශයක වගකීම තමාට ලැබීම පිළිබඳව අතිශයින් සතුටුවන බවය.
සාම්ප්‍රදායික විදේශ රැකියා වෙළඳපල සමඟ නව තාක්ෂණය සහිත නිපුණතා පූර්ණ ශ්‍රමිකයන් විදේශ ශ්‍රම වෙළඳපල සඳහා යොමු කිරීම අමාත්‍යාංශ අරමුණයි. එසේම, සාම්ප්‍රදායික විදෙස් වෙළඳපල ඇති රට වලට අමතරව, වෙනත් නව තාක්ෂණික ශ්‍රම වෙළඳපල වෙත ශ්‍රමිකයන් යැවීමටත්,තවමත් ලාංකික ශ්‍රමිකයන් ග්‍රහණය කර නොගත් රටවල් සඳහා ද ශ්‍රමිකයන් යොමු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
