විදෙස්ගතව පැමිණි 9කට කොවිඩ්
විදේශ වල සිට පැමිණි 9 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බවට වාර්තා වේ.
ඔවුන්ගෙන් 8 දෙනෙක් කටාර් සිට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් එසේ ආසාදිත බවට තහවුරු කර ගෙන ඇත.
ඒ නිසා, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 3204 ක් බවට පත්වේ.
තවද 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි රෝගීන් 8 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිටි රෝගීන් 4 දෙනෙකු සහ මුල්ලේරියාව මුලික රෝහලෙන් එක් පුද්ගලයෙක් මෙලෙස සුවය ලබා පිටව ඇත. මේ බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2996ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 196ක් බව වාර්තා වනවා.
